
බඩල්ගම, පේරගහමංකඩ ප්රදේශයෙන් මා ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණියන් තුන් දෙනෙක් සහ තරුණයෙකු ඇතුළු සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ අද (19) පස්වරු 02කට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයෙකු මාඔයේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් සිව්දෙනෙකු අනාරක්ෂිත ස්ථානයක දිය නාමින් සිට ඇති බව සඳහන්.
එහිදී ඉන් එක් තරුණියක් දියේ ගිලී ඇති අතර ඇය බේරා ගැනීමට උත්සහ කිරීමේදී සෙසු තිදෙනා ද දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 20-25ත් අතර වයසේ පසුවන බදුල්ල සහ හපුතලේ ප්රදේශවල පදිංචි පිරිසක් බව සඳහන්.
ඔවුන් බඩල්ගම ප්රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇති බවද වාර්තා වෙයි.