
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27කුත් මාස තුනක සිර දඬුවමක් නියම කර ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඒ, හිටපු ජනපතිවරයා පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන්.
අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් සඳහන් කර තිබුණේ නඩුව අවසන් තීන්දුවට පැමිණ ඇති බවත් තවදුරටත් අභියාචනා ඉදිරිපත් කළ නොහැකි බවත්ය.
70 හැවිරිදි බොල්සොනාරෝ මෙලෙස වැරදිකරු බවට පත්වූයේ, 2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වන ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට පරාජය වීමෙන් පසු කුමන්ත්‍රණයකට නායකත්වය දීම සම්බන්ධයෙනි.
ඒ අනුව නිවාස රැඳවුම් භාරයේ පසුවූ බොල්සොනාරෝ බ්‍රසීලයේ අගනුවර පිහිටි පොලිස් බන්ධනාගාර කුටියක සිරගත කෙරෙනු ඇති.