
ඉන්දුනීසියාවට බලපෑ අයහපත් කාලගුණය හමුවේ උද්ගත ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 442 දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
එමෙන්ම තවත් පුද්ගලයින් 402ක් අතුරුදන්ව ඇති බව සඳහන්.
දහස් ගණනක ජනයා අවතැන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ධාරානිපාත වර්ෂාව සහ කුණාටු තත්ත්වය ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ විනාශ කර ඇති අතර, මෙම මාසය තුළ ආසියාව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට දැඩි බලපෑමක් සිදුකර ඇත. ඉන් මිය ගිය ගණන 900 ඉක්මවයි.
ජුනි සහ සැප්තැම්බර් අතර වාර්ෂිකව ලැබෙන මෝසම් වර්ෂාව සාමාන්‍ය වුවත්, ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ මෑත කාලීනව වාර්තා වූ ඉහළම ගංවතුර මරණ සංඛ්‍යාව මෙය වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.