
හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ පොදු මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන්, අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
පුද්ගලයන් 279 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර, 29 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත්, ඔවුන්ගෙන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
ගින්න සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන චෝදනා මත පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගින්න ඉක්මනින් පැතිරීමට හේතු වන ද්‍රව්‍ය පිළිබඳව ඉදිකිරීම් සමාගම් විධායක නිලධාරීන් තිදෙනෙකු බවයි වාර්තා වන්නේ.
ගින්න පැය 18 කට පසු පාලනය කර ඇති අතර, මේ වන විට අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අරඹා තිබෙනවා.
මෙම ගින්න දෙවන ලෝක යුද්ධයෙන් පසු හොංකොං හි සිදු වූ දරුණුතම ගිනිගැනීම් අතරට එක් වේ.
මෙම නිවාස සංකීර්ණයේ නිවාස 2,000 කට ආසන්න ප්‍රමාණයක 4,800 ක පමණ ජනතාවක් ජීවත් වූ බව වාර්තා වේ. ගින්නෙන් අවතැන් වූවන් සඳහා තාවකාලික නවාතැන් දෙකක් ද විවෘත කර ඇති බව සඳහන්.