
චීනය මේ වන විට ශාක විශේෂ 14කට අයත් පැළ වර්ග 20කට වැඩි ප්‍රමාණයක් අභ්‍යවකාශයේ වගා කර ඇති බව චීන ගගනගාමී මධ්‍යස්ථානය පවසයි.
මෙය Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ විශාල පරිමාණයෙන් ආහාර බෝග වගා කිරීම සඳහා පදනමක් සකස් කරන වැදගත් ඉදිරි පියවරක් බව චීන ගගනගාමී මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
උතුරු චීනයේ Tianjin නාගරික පරිපාලන ප්‍රදේශයේ පැවති අභ්‍යවකාශ, වෛද්‍ය, ඉංජිනේරු සමුළුවකදී මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණ.
එහිදී Shenzhou-21 මිනිසුන් සහිත මෙහෙයුමේ ගගනගාමී Zhang Hongzhang, Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාර්ථකව වර්ධනය වන “අභ්‍යවකාශ උයනේ” ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඉදිරිපත් කළේය.
එම “අභ්‍යවකාශ උයනේ” සලාද කොළ, කැරට්, සූරියකාන්ත, අර්තාපල් සහ තිරිඟු වැනි බෝග වගා කර තිබේ.
චීන ගගනගාමී මධ්‍යස්ථානයේ විශේෂඥ Bian Qiang මහතා පැවසුවේ, දිගුකාලීනව අභ්‍යවකාශයේ රැඳී සිටීමේදී පෘථිවියෙන් සැපයුම් ලබා ගැනීම අවම කළ යුතු බවය.
ඒ සඳහා සිදුකරන පාලිත පාරිසරික ජීව ආධාර පද්ධති පර්යේෂණ මගින් අභ්‍යවකාශය තුළම ජලය, වාතය සහ ආහාර නැවත නිෂ්පාදනය කළ හැකි පරිසර පද්ධතියක් ගොඩනැගීම මෙහි අරමුණයි.
එමගින් පෘථිවියෙන් ලැබෙන සැපයුම් මත යැපීම අඩු කර, අභ්‍යවකාශයේදීම ආහාර සපයා ගත හැකි වේ.