
සවුදි අරාබියේ ඉල්ලීම්වලට යටත්ව ඉරාන හිතවාදී හූතිවරුන් විසින් පාලනය කරනු ලබන යේමනයේ ඉලක්ක වෙත පහරදීමට ඇමරිකානු හමුදාවට නියෝග කරන්නේද නැද්ද යන්න පිළිබඳ ප්රශ්නය සති දෙකක් තිස්සේ ජනාධිපති ට්‍රම්ප්ව දැඩි ලෙස නොසන්සුන් කිරීමට කිරීමට ලක්කර ඇත.
ඉදිරියට යාමට ගන්නා තීරණයක් මඟින් ට්‍රම්ප් මහතා ආරම්භ කළ, නමුත් ගෝලීය වශයෙන් ආර්ථික කම්පනයන් පැතිර යද්දී අවසන් කිරීමට අපොහොසත් වූ ඉරානයට එරෙහි යුද්ධයේ තවත් සටන් පෙරමුණක් විවෘත විය හැක.
මැදපෙරදිග පවතින අස්ථාවරත්වයෙන් ප්‍රයෝජන ගනිමින් මෙම ග්‍රීෂ්ම ඍතුවේදී සවුදි රාජධානිය සමඟ නැවත යුද්ධයකට පැටලුනු හූතිවරුන්ට එරෙහිව සටන් කිරීමට උපකාර ඉල්ලා සවුදිය කළ ඉල්ලීම් හමුවේ ට්‍රම්ප් ජනාධිපතිවරයා සති ගණනාවක් තිස්සේ පසු පාදයට ගොස් සිටී.
නමුත් බ්‍රහස්පතින්දා දින තත්ත්වය උච්චතම අවස්ථාවට පැමිණියේය:සවුදියේ නායකයා සහ ඉරානයට එරෙහි යුද්ධයේ ප්‍රධාන මිත්‍රයෙකු වන ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු, සීඝ්රයෙන් ඉදිරියට යන මෙම හුතීවරුන් නැවැත්වීමට උපකාර කිරීම සඳහා නැවත මැදිහත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයාට දුරකථන අමතුමක් ලබා දුන් බව ධවල මන්දිර අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කර කළා.
ට්‍රම්ප් මහතා ඊට පෙර දින උපදේශකයන් හමුවී ප්‍රහාර එල්ල කිරීමට තමන් කැමති නැති බව පවසා තිබුණි. නමුත් සවුදි ඔටුන්න හිමි කුමරු සමඟ කතා කිරීමෙන් පසුව, ඔහු සිය තීරණය වෙනස් කර හූතිවරුන්ට එරෙහිව ගුවන් ප්‍රහාර සඳහා සූදානම් වන ලෙස පෙන්ටගනයට පැවසීය.
නමුත් ඉරිදා මධ්‍යාහ්නය වන විට, ජනාධිපතිවරයා නැවතත් සිය තීරණය වෙනස් කර ඇති බව පෙනෙන්නට තිබුණි. පාලන අධිකාරියේ නිලධාරීන්ට අනුව — අවම වශයෙන් දැනට — හූතිවරුන්ට එරෙහිව කිසිදු ඇමරිකානු ගුවන් ප්‍රහාරයක් එල්ල නොවනු ඇත.
ධවල මන්දිර මාධ්‍ය කාර්යාලය ට්‍රම්ප් මහතාගේ සාකච්ඡා පිළිබඳව නිල වශයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. ජ්‍යෙෂ්ඨ පාලන අධිකාරී නිලධාරියෙකු පැවසුවේ "එක්සත් ජනපදයට සවුදි අරාබිය සමඟ ආරක්ෂක ගිවිසුමක් ඇති අතර අපි සෑම විටම අපගේ මිත්‍ර පාර්ශවයන් ආරක්ෂා කරන්නෙමු" ලෙස පමණක් පැවසීය.
ඇමරිකානු හමුදාව මුහුණ දෙන ගැටලු සහ නතර වූ හමුදා මෙහෙයුම
ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ පාලන අධිකාරී නිලධාරියෙකුට අනුව, ජනාධිපතිවරයාගේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ සමීපතමයන්ගෙන් (inner circle) බහුතරයක්, විශේෂයෙන්ම ඉරානය සමඟ පවතින යුද්ධයේදී ඇමරිකානු හමුදාව මුහුණ දෙන පවතින පීඩනයන් සැලකිල්ලට ගනිමින්, හූතිවරුන්ට එරෙහි සවුදි සටනට එකතු වීම ගැන දැඩි ලෙස සැක පහළ කළහ නැත්තම් සෘජුවම විරුද්ධ වූහ.
මෙහෙයුම පිළිබඳව තොරතුරු ලත් පුද්ගලයන් දෙදෙනෙකුට අනුව, හූති ඉලක්ක වෙත පහරදීමෙන් ඉවත් වීමට, හෝ අවම වශයෙන් ප්‍රමාද කිරීමට ට්‍රම්ප් මහතා ගත් තීරණය පැමිණියේ අණදෙන නිලධාරීන් විසින් ඉලක්ක ලැයිස්තු අනුමත කර, මෙහෙයුම් සඳහා තෝරාගත් ඇමරිකානු යුද ගුවන් යානාවලට සෙබළුන් බෝම්බ පටවමින් ප්‍රහාර මාලාව ආරම්භ වීමට ආසන්නව තිබියදීය.
ඉරිදා උදෑසන Fox News නාලිකාව සමඟ පැවැති දුරකථන සංවාදයකදී, ජනාධිපතිවරයා පැවසුවේ ඉරානය සමඟ පවතින පුළුල් යුද්ධයේදී කුමක් කරන්නේද යන්න පිළිබඳව තමන් තීරණාත්මක කඩයිමකට පැමිණ ඇති බවයි. හූතිවරුන්ගේ මාතෘකාව සම්බන්ධයෙන්, එක්සත් ජනපදය එම කණ්ඩායම සමඟ අඛණ්ඩ සබඳතාවයක සිටින බව පැවසූ ජනාධිපතිවරයා, හූතිවරුන් මෙතෙක් එක්සත් ජනපදයට එරෙහිව සටන් නොකිරීමට එකඟ වී ඇති බවත් සඳහන්.
මෙම වෙනස්වීම්වලින් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයා මේ වන විට මුහුණ දී සිටින අර්බුදයයි: හූතිවරුන් ඇමරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින බවට ඔහු කියන කතාව නිවැරදිය. නමුත් ඔවුන් සවුදි අරාබියට එරෙහිව ප්‍රහාර එල්ල කර ඇති අතර, එය ට්‍රම්ප් මහතාට අපහසුතාවට පත්වෙන කරුණක්.
ඇතැම් ඇමරිකානු හමුදා නිලධාරීන් තර්ක කර ඇත්තේ ඉරානයේ යුද්ධය සඳහා එක්සත් ජනපදයට සවුදි රාජධානියේ උපකාර අවශ්‍ය වන බවත්, ඇමරිකානු සහයෝගය නොමැති විට සවුදි නිලධාරීන් තමන් සතු බලපෑම් පාවිච්චි කිරීමට සූදානම් බව පෙන්නුම් කර ඇති බවත්ය. උදාහරණයක් ලෙස, මැයි මාසයේදී, එක්සත් ජනපදයට තමන්ගේ ගුවන් සීමාව සහ රට තුළ පිහිටි ඇමරිකානු ගුවන් හමුදා කඳවුරු භාවිත කිරීම ප්‍රතික්ෂේප කරමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වාණිජ තෙල් ටැංකර් නැව් වෙත ඇමරිකානු හමුදා ආරක්ෂාව ලබා දීමට ට්‍රම්ප් පාලනාධිකාරියට තිබූ සැලසුම සවුදි අරාබිය විසින් ප්‍රායෝගිකව නතර කරන ලදී.
එක්සත් ජනපදය සවුදි සටනට එකතු වූයේ නම්, එය යේමන රජයේ බලකායන්ගේ නව සැලසුම් සහගත ගොඩබිම් ප්‍රහාරයකට සමගාමීව විය හැකිව තිබූ බව නිලධාරීහු පැවසූහ. නමුත් එම බලකායන් හූතිවරුන්ට එරෙහිව අකාර්යක්ෂම බව ඔප්පු වී ඇත.
හූතිවරුන්ගේ නැගී සිටීම සහ අතීත අත්දැකීම්
සවුදි අරාබියේ සහය ලබන ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය සමඟ හූතිවරුන් 2014 සිට සටන් කරමින් සිටිති. 2022 දී සටන් විරාමයක් ක්‍රියාත්මක වීමෙන් පසුව ප්රචණ්ඩත්වය මන්දගාමී වූ නමුත්, මෙම ඉරාන යුද්ධය සමග රතු මුහුදේ සවුදි නාවික ගමනාගමනය අවහිරය ප්‍රකාශයට පත් කරමින් සහ සවුදි නෞකාවලට ප්‍රහාර එල්ල කරමින් එම කණ්ඩායම මැදපෙරදිග පුළුල් වන යුද්ධයට ඇතුළු විය.
සටන් අතරතුර, හූතිවරුන් රතු මුහුදේ ප්‍රධාන සිරවීමේ ලක්ෂ්‍යයක් වන බැබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය අසල තීරණාත්මක ප්‍රදේශ අත්පත් කරගත් අතර, ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයෙන් ඒ වන විටත් ඇදවැටෙමින් තිබූ ගෝලීය බලශක්ති වෙළඳපොළවල් තවදුරටත් අස්ථාවර කරමින් සිටී.
මැදපෙරදිග සේවය කළ වත්මන් සහ හිටපු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ අණදෙන නිලධාරීන් ප්‍රකාශ කළේ, පසුගිය වසරේ සති අටකට ආසන්න කාලයක් ඇමරිකානු බෝම්බ හෙලීම්වලට ඔරොත්තු දුන් හූතිවරුන්ට සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ දැඩි ඉල්ලීම් අතහැරීමට සීමිත ඇමරිකානු බෝම්බ හෙලීමක් ප්‍රමාණවත් නොවන බවයි. යේමනයේ මහා පරිමාණයේ යුද්ධයකට යාමටද දැන් ඇමරිකාවට නොහැකිය. මොකද ඔවුන් දැන් ඉරානයේ සහ රුසියාවේ ප්‍රධාන යුධ පෙරමුණ දෙකකට මැදි වී සිටියි.
විවිධ යේමන කණ්ඩායම්වලට යේමනය තුළ තමන්ට අවශ්‍ය දේ ගැන විශාල ලෙස වෙනස් සහ ඇතැම් අවස්ථාවලදී සෘජුවම එකිනෙකට පටහැනි ඉලක්ක පවතියි, එම නිසා ඔවුන් හූතිවරුන් සමඟ සටන් කරනවාට වඩා වැඩි කාලයක් එකිනෙකා සමඟ සටන් කිරීමට ගත කරති.
2025 වසන්තයේදී, රතු මුහුදේ නාවික ගමනාගමනයේ නිදහස නැවත පිහිටුවීමට සහ වාණිජ හා ඇමරිකානු නාවික නැව් වෙත එම කණ්ඩායම එල්ල කරන ප්‍රහාර නතර කිරීමට ඇමරිකානු හමුදාව දින 50 කට වඩා වැඩි කාලයක් හූතිවරුන්ට බෝම්බ හෙලීය.
එම ව්‍යාපාරයේදී, එක්සත් ජනපද මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (CENTCOM) යේමනයේ අගනුවර වන සනා අසල පිහිටි රේඩාර් පද්ධති, ගුවන් ආරක්ෂණ, බැලස්ටික් මිසයිල ස්ථාන, ඩ්‍රෝන විදින ප්‍රදේශ සහ ඩ්‍රෝන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඇතුළුව ඉලක්ක 1,000 කට වඩා වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළේය.
හූතිවරු නැවත සටන් කර ඇමරිකානු ඩ්‍රෝන යානා කිහිපයක් බිම හෙලූ අතර, ඇමරිකානු ගුවන් යානා ගෙන යන නැවක් (aircraft carrier) ඇතුළුව රතු මුහුදේ පිහිටි නාවික නැව් දෙසට අඛණ්ඩව වෙඩි තැබූහ.
ඇමරිකානු ප්‍රහාර නිසා පළමු මාසය තුළ පමණක් ඩොලර් බිලියනයක පමණ ආයුධ සහ මූනිස්සම් වැය විය. එම සටනේදී, හූතිවරුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට පැවරී තිබූ ඩොලර් මිලියන 67 ක් වටිනා F/A-18 Super Hornets යානා දෙකක් අහම්බෙන් ඇමරිකාවේ ප්රමුඛ ගුවන් යානා ගෙන යන නැවෙන් මුහුදට වැටුණි.
එම සටනට මාස දෙකක් පිරීමටත් පෙර, ට්‍රම්ප් මහතා හූතිවරුන් සමඟ සෙබළ විරාමයක් හදිසියේම නිවේදනය කළේ, "තවදුරටත් නැව්වලට වෙඩි නොතබන බවට ඔවුන් අපට පොරොන්දු වුණා, අපි එයට ගෞරව කරනවා" යනුවෙන් ප්‍රකාශ කරමිනි.
හූතිවරු ඇමරිකානු නැව්වලට වෙඩි තැබීම නතර කළහ. නමුත් එක්සත් ජනපදය නැවත ගුවන් ප්‍රහාර ආරම්භ කළහොත් එය වෙනස් විය හැකි බව නිලධාරියෙකු පැවසීය. ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ තැන් පටන් හෝමුස් සමුද්‍ර සන්ධිය තවමත් අස්ථාවරව පවතින බැවින්, බැබ් අල්-මන්දෙබ් හි ඛනිජ තෙල් සහ ගෑස් ප්‍රවාහන මාර්ගවල වැඩිදුර බාධාවන්ට ජාත්‍යන්තරයට මුහුණ දීමට සිදුවනු ඇත.
පසුගිය වසරේ සටන් විරාමයේ සිට, හූතිවරු තමන්ගේ හැකියාවන්ගෙන් බොහොමයක් නැවත ගොඩනඟා ගෙන ඇති අතර නව වර්ගයේ මිසයිල සංවර්ධනය කිරීමට සහ ඉංජිනේරු විද්‍යාව සඳහා කෘතිම බුද්ධිය (AI) පවා භාවිත කරති.
ඇමරිකානු හමුදාව සවුදි අරාබියට උපකාර කළද, හූතිවරුන් පරාජය කිරීම දුෂ්කර වනු ඇති බව වත්මන් සහ හිටපු නිලධාරීහු පැවසූහ.
මංජුල බස්නායක විසින්,