
ගතවූ පැය 24 තුළ ඩෙංගු ආශ්රිත මරණ තුනක් වාර්තා වී ඇති අතර, මේ වසරේ ඩෙංගු රෝගයෙන් මියගිය මුළු සංඛ්‍යාව 56 කි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, මෙම වසරේ මේ දක්වා රට පුරා ඩෙංගු රෝගීන් 77,028ක් වාර්තා වී තිබේ.
ඒ අනුව ඊයේ (20) දිනයේදී පමණක් රෝගීන් 984 දෙනෙකු වාර්තා වී ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද, ජූනි මාසයේදී රෝගීන් 21,537ක් සහ ජූලි මාසයේ ගතවූ දින 20 තුළ පමණක් රෝගීන් 21,650ක් වාර්තා වී තිබේ.
ඒ අනුව රෝගීන් මියයෑමේ අනුපාතිකය 0.07%ක් ලෙස දැක්වේ.
බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය මුළු රෝගීන්ගෙන් 52.67%ක් එනම් රෝගීන් 40,573ක් වේ.
දකුණු පළාතෙන් රෝගීන් 11,867ක් (15.41%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,492ක් (8.43%) වාර්තා වී තිබේ.