
වන අලි – මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා සකස් කෙරෙන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ මූලික කෙටුම්පත 2026 දෙසැම්බර් 20 වැනිදා වන විට අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ ප්‍රගති සමාලෝචන හා ප්‍රතිපත්තිමය සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
වන අලින්ගේ පැවැත්ම, මහජනතාවගේ ආරක්ෂාව සහ ජීවනෝපාය යන කරුණු සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක, සමාජ-ආර්ථික හා පාරිසරික ප්රවේශයන් ඔස්සේ මෙම සැලැස්ම සකස් කිරීමට නියමිතය.
ඒ අනුව, රක්ෂිත ප්‍රදේශවල අනවසර මිනිස් ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීම, වන අලින්ට හිතකර පාරිසරික තත්ත්වයන් ඇති කිරීම සහ ආහාර හා ජල මූලාශ්‍ර සංවර්ධනය කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබේ.
එමෙන්ම, දිවයින පුරා විදුලි අලිවැට ඉදිකිරීම හා නඩත්තු කිරීම, මුරකුටි ස්ථාපිත කිරීම සහ වනඅලි පාලන ඒකකවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රගතිය ද සාකච්ඡාවට ලක්ව ඇත.
අධීක්ෂණ කමිටුවේ යෝජනා ද ඇතුළත් කරමින් සකස් කරන මූලික කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ජාතික ක්‍රියාකාරී සැලැස්ම අවසන් කිරීමට ද තීරණය කර තිබේ.