
කොංගෝ ජනරජයේ (DRC) ඉබෝලා ආසාදිතයින් සංඛ්‍යාව 3,200 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ ගණන 1,405 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොංගෝ හි 17 වන ඉබෝලා ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍යවරුන් දැඩි ලෙස උත්සාහ කරමින් සිටින අතර, දින 10 ක් වැනි කෙටි කාලයක් ඇතුළත ආසාදිතයින් සංඛ්‍යාව 1,000 කින් පමණ ඉහළ ගොස් තිබේ.
මෙම වෛරස් ව්‍යාප්තියට හේතු වී ඇත්තේ 'Bundibugyo' නැමැති ඉබෝලා ප්‍රභේදය වන අතර, ඒ සඳහා අනුමත කරන ලද එන්නතක් හෝ ප්‍රතිකාරයක් මෙතෙක් නොමැත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වාර්තා වූ රෝගීන්ගෙන් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් දකුණු සුඩානයට සහ උගන්ඩාවට මායිම්ව පිහිටි ඊසානදිග ඉටූරි (Ituri) පළාතෙන් වාර්තාවී තිබේ.