
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් විශාල පිපිරීමකට ලක්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කරමින් ඉරානයේ Tasnim පුවත් සේවය සඳහන් කළේ, තෙල් ටැංකිය ටෙහෙරානය විසින් අනුමත කර ඇති නාවික ගමන් මාර්ගයෙන් ඉවත්ව ගමන් කිරීමෙන් අනතුරට ලක්ව ඇති බවයි. මෙම සිද්ධිය හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ආරක්ෂාව පිළිබඳ නැවතත් අවධානය යොමු වි තිබෙනවා. කෙසේ වෙතත් මේ දක්වා ඉරාන බලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ. ඉන්ධන නැවේ අනන්න්‍යතාවය හෝ මෙතෙක් අනාවරනයවි නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැති බව පවසන විදෙස් මාධ්‍ය නිල හා වැඩිදුර තොරතුරු අපෙක්ෂාවෙන් සිටිනවා.