
ඇමරිකා එක්සත් ජනපදය එල්ල කරන ගුවන් ප්‍රහාර දෙදිනක් තිස්සේ
නතර කර ඇති බැවින්, ගල්ෆ් කලාපයේ රටවල් සහ එම කලාපයේ
ඇමරිකානු ආයතන ඉලක්ක කරගෙන සිදු කරන ප්‍රතිප්‍රහාර ද තාවකාලිකව
නතර කළ බව ඉරානය පවසනවා.
"අපගේ උපායමාර්ගය මූලික වශයෙන් ප්‍රතිප්‍රහාර මත පදනම් වූ එකක්
වන අතර, මේ වන විට අපගේ ප්‍රතිප්‍රහාරක මෙහෙයුම් ද නවතා ඇත."
යනුවෙන් ඉරාන හමුදා ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා විදෙස් මාධ්‍යවෙත
ප්‍රකාශ කර ඇත.
අද දිනය වන විට ගල්ෆ් කලාපයේ රටවල් වෙත ඉරානයෙන් නව ප්‍රහාර
වාර්තා වී නොමැති අතර, ඇමරිකාව ද අඛණ්ඩව දෙවැනි රාත්‍රියටත් ඉරානය
ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා
සඳහන් කරනාවා.