
පසුගිය පැය 24 තුළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට
උත්සාහ කළ නෞකා 4 ක් නතර කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය
වාර්තා කරනවා.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික
හමුදාව විසින් මෙම නෞකා වලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර
එල්ල කිරීමෙන් පසු නැව ගමනා ගමනය නතර කළ බව සඳහන්.
එම නෞකා හෝර්මුස් සමුද්‍ර සන්ධියේ දකුණු නාවික මාර්ගය ඔස්සේ
ගමන් කිරීමට උත්සාහ කර තිබූ අතර, එම මාර්ගය "අනාරක්ෂිත ගමන්
මාර්ගයක්" ලෙස IRGC විසින් සලකන බව පැවසෙනවා.
IRGC වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, තමන්ගේ අනුමැතිය නොලැබූ
මාර්ග භාවිත කරමින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට
උත්සාහ කරන ඕනෑම නෞකාවක් සම්බන්ධයෙන් "දැඩි ප්‍රතිචාරයක්"
දක්වන බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් ලෝකයේ බලශක්ති සැපයුම් සඳහා අතිශය
වැදගත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ජාත්‍යන්තර වෙළෙඳ
නාවික ගමනාගමනය පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවක් මතුවී තිබෙනවා.