
ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ, උපදේශක කාරක සභාවේ ආරම්භක හමුව පසුගියදා (24) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේදී පැවැත්විණ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී සංගීත හා කලා ක්ෂේත්රය තුළ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන සාකච්ඡා කෙරිණ.
මෙරට සංගීත හා කලා ක්ෂේත්රය තුළ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් ගායක ගායිකාවන්, ගීත රචකයෙන් සහ සංගීතඥයන් අතර දිගු කාලීනව පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මෙම කමිටුව පත්කර ඇති අතර එය බුද්ධිමය දේපළ හිමිකම් පිළිබඳ විශේෂඥතාව සහිත ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් හා නීති විශාරදයින්ගෙන් සමන්විත වනවා.
පවතින පනතේ ඇති අඩුපාඩු නිවැරදි කිරීමටත් ඊට වර්තමානයට ගැළපෙන පරිදි AI තාක්ෂණය හා ඩිජිටල් නිර්මාණ වලටද අදාළ වන පරිදි ප්‍රකාශන හිමිකම් හා බුද්ධිමය දේපළ අයිතීන් පිළිබඳ නව නීති හා රෙගුලාසි යාවත්කාලීන කිරීමටත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකෙරිණ.