
අග්‍රහාර දත්ත පද්ධතිය යාවාත්කාලීන කිරීම සහ එම දත්ත අනුමත කිරීමට ලබා දී තිබූ කාලය එළැඹෙන ජූලි 31න් අවසන් බව අග්රභාර රක්ෂණ භාර අරමුදල පවසයි.
එම අරමුදල සඳහන් කර ඇත්තේ ඒ අනුව සියලුම සාමාජිකයින් එදිනට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි වීම අනිවාර්ය බවය.
මීට අමතරව අදාළ ආයතනවල අග්රභාර විෂයභාර නිලධාරීන් තම ආයතනයේ සාමාජිකයින් විසින් ලබා දී ඇති දත්ත සත්‍යාපනය කර තිබීම හා ආයතන ප්‍රධානීන් විසින් ඒවා අනුමත කිරීමට අනිවාර්ය වන බවත් එම අරමුදල සඳහන් කර තිබේ.
ප්‍රමාදයකින් තොරව අග්රභාර හිමිකම් සහ ප්රතිලාභ ලබා ගැනීම සඳහා නියමිත දිනට පෙර ඉහත සඳහන් කළ පරිදි අග්රභාර සාමාජිකයින් විසින් අදාළ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර යාවාත්කාලීන කරන ලෙසත් දන්වා ඇති එම අරමුදල තම ආයතනවල විශයභාර නිලධාරීන් මාර්ගයෙන් අදාළ අනුමත කිරීම් කටයුතු තහවුරු කර ගන්නා ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.