
ත්රිකුණාමලය, කුච්චවේලි පොලිස් වසමේ පිහිටි නිලාවේලී මුහුදු තීරයේ දිය නෑමට ගිය නෙදර්ලන්ත ජාතික සංචාරකයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. ඊයේ (26) සවස මෙම අනතුර සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ වයස අවුරුදු 49 ක් වන නෙදර්ලන්ත ජාතිකයෙක් බව පොලිසිය පවසනවා. මෙම නෙදර්ලන්ත ජාතිකයා නිලාවේලී ප්රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටියදී මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී දියවැලකට හසුවීමෙන් දියේ ගිලී මියගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.