
ගොතටුව ප්රදේශයේ දී අද (27) පෙරවරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ ත්රීරෝද රථයේ රියදුරා වන අතර ත්රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන්කළ දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කොලොන්නාව දෙස සිට ගොතටුව දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්නාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.