
තලවතුගොඩ - කලල්ගොඩ ප්රදේශයේ අබලි යකඩ මිලට ගන්නා ස්ථානයක අද (නොවැම්බර් 21) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ගිනි නිවීම් රථ තුනක් පිටත් කර ඇති බවයි, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගින්නෙන් වෙළඳසැලට සහ එහි භාණ්ඩවලට අලාභ හානි සිදුව ඇති අතර ජීවිත හානි පිළිබඳව වාර්තා නොමැත.
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර, මහරගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.