හිටපු කෙන්යානු අගමැති රයිලා ඔඩින්ගා (Raila Odinga) අවසන් ගමන් ගොස් තිබෙනවා.
මිය යන විට ඔහු 80 වන වියේ පසුවූවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රයිලා ඔඩින්ගා ඉන්දියාවේ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි.
ඉන්දීය පොලිසියට අනුව, රයිලා ඔඩින්ගා පවුලේ සාමාජිකයන් සහ පෞද්ගලික වෛද්‍යවරයෙකු සමඟ ඇවිද යමින් සිටියදී "හදිසියේම ඇද වැටී'' ඇති අතර ඔහුව ළඟම ඇති රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඔහු එම රෝහලේදීම මිය ගිය බව සඳහන්.
මෑත සතිවලදී, ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව යම් යම් සැක පැවතුනද, පවුලේ සාමාජිකයන් සහ දේශපාලන සගයන් ඔහු බරපතල ලෙස රෝගාතුර වී ඇති බවට වන වාර්තා ප්‍රතික්ෂේප කර තිබුණා.
කෙන්යානු දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වන ඔඩින්ගා හට පස් වතාවක්ම ජනාධිපති ධුරය ගිලිහී ගිය අතර, ඔහු ඒ සෑම අවස්ථාවකම ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන ලදී.