එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ඊශ්රායලයට ගොස් තිබෙනවා.
ට්රම්ප් එහිදී ඊශ්රායල පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ඊශ්රායල සංචාරය, ගාසා තීරයේ වසර දෙකක විනාශකාරී යුද්ධය අවසන් කිරීමේ ප්රධාන පියවරක් ලෙස ක්රියාත්මක වනු ඇති.
ඒ අනුව ඊශ්රායල ප්රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමට නියමිත අතර, ඉන් පළමු හත් දෙනා මේ වන විටත් නිදහස් කර ඇත.
අනෙක් 13 දෙනා සඳහා රතු කුරුස සංවිධානය දකුණු ගාසා තීරයේ රැඳීසිටී.
2023 ඔක්තෝබර් 7 වන දින ප්රහාරයේදී දකුණු ඊශ්රායලයේදී ප්රාණ ඇපකරුවන් පැහැර ගන්නා ලදී.
ප්රාණ ඇපකරුවන් වෙනුවට, ඊශ්රායලය පලස්තීන සිරකරුවන් 250 ක් සහ රැඳවියන් 1,700 කට වැඩි පිරිසක් නිදහස් කරනු ඇත.
මෙම නිදහස් කිරීම් පසුගිය සතියේ ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් නිවාඩු නිකේතනයේදී අවසන් වූ සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේ තීරණාත්මක අංගයකි.
එහි ඉදිරි පියවරයන් පිළිබඳව කෙරෙන සාකච්ඡා සඳහා ට්රම්ප්, ලෝක නායකයින් 20 ක් පමණ සහභාගී වන සමුළුවක් සඳහා ඊජිප්තුවට පිටත්ව යනු ඇත.