ප්‍රධාන පෙළේ ඉන්දීය නගර කිහිපයක පරෙවියන්ට ආහාර ලබා දීම තහනම් කිරීමට එරෙහිව දැඩි විරෝධතා මතු වී තිබෙනවා.
ඒ, මහජන සෞඛ්‍ය ක්‍රියාකාරීන්, නාගරික බලධාරීන් සහ සත්ත්ව ලෝලීන් අතරයි.
එරට බලධාරීන් පෙන්වා දෙන්නේ, පරෙවි අසූචි නිසා ඇති වන සෞඛ්‍ය අවදානම් හේතුවෙන් මෙම තහනම පැනවූ බවයි.
ඒ අනුව පරෙවියන්ට ආහාර දීම සඳහා දශක ගණනාවක් තිස්සේ භාවිතා කළ ඉන්දියාවේ බටහිර මුම්බායි නගරයේ "කබුතර්ඛානා" (kabutarkhana) නම් ස්ථානයක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඊට විරෝධය පළකරමින්, සිය ගණනක් ජනතාව පොලිසිය සමඟ ගැටුම් ඇති කරගනිමින් පසුවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඉන්දීය සත්ත්ව ලෝලීන් සහ ආගමික විශ්වාසයන්ට අනුව, බොහෝ ඉන්දියානුවන් පරෙවියන්ට ආහාර දීම තම සංස්කෘතික හා ආගමික වගකීමක් ලෙස සලකනු ලැබේ.
විශේෂයෙන්ම, ජෛන ආගමික ප්‍රජාව පරෙවියන්ට ආහාර දීම පුණ්‍ය කටයුත්තක් ලෙස සලකන අතර, ඔවුන් මෙම තහනමට දැඩිව විරෝධය පළ කරවුන් අතර වේ.
කෙසේ නමුත් විද්‍යාත්මක අධ්‍යයනවලට අනුව, පරෙවි අසූචිවලට දිගුකාලීනව නිරාවරණය වීමෙන් 'නියුමෝනියාව', දිලීර ආසාදන සහ පෙනහළු හානි වැනි තත්ත්ව ඇති විය හැකිය.
පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ, 2000 වසරෙන් පසු ඉන්දියාවේ පරෙවි ගහනය 150%කින් ඉහළ ගොස් ඇති බවයි.
පරෙවියන්ට පහසුවෙන් ආහාර ලැබීම නිසා ඔවුන්ගේ ගහනය අධික ලෙස වර්ධනය වී ඇති බවත්, එමගින් කුරුළු විශේෂ අතර පවතින ස්වාභාවික සමතුලිතතාවය බිඳ වැටී ඇති බව ජෛව විශේෂඥයින්ගේ මතයයි.
මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා දැනට සාකච්ඡා සිදුවෙමින් පවතින අතර, PETA India නම් සංවිධානය යෝජනා කරන්නේ පරෙවියන්ට ආහාර දීම උදේ සහ සවස නිශ්චිත වේලාවන්වලට සීමා කිරීම සුදුසු වන බවයි.
එමගින්, එම ස්ථාන පිරිසිදුව තබා ගැනීමටත්, සත්ත්ව ලෝලීන්ගේ අදහස්වලට ගරු කිරීමටත් හැකි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම මුම්බායි මහාධිකරණය, මහජන සෞඛ්‍යය ඉතා වැදගත් බව පෙන්වා දෙමින්, මෙම ගැටලුවට විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ මණ්ඩලයක් ද පත් කර තිබෙනවා.