චීනයේ සීඝ්රයෙන් සංවර්ධනය වන කලාප අතර කැපී පෙනෙන දියුණුවක් ලබමින් තිබෙන ෂීසැන්ග් ස්වයං පාලන කලාපය ස්ථාපිත කිරීමේ 60 වැනි සංවත්සරය මහත් ඉහළින් සැමරීමට මෙවර පියවර ගෙන තිබෙනවා.
ඒ වෙනුවෙන් වූ ප්‍රධාන උත්සවය ඉතා විචිත්‍රවත්ව චීන ජනපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ජාත්‍යන්තරයේ විශේෂ අවධානයක් ද හිමිව තිබුණා.
මෙම උත්සවයට එක් වීම සඳහා ලාසා අගනුවර ගුවන්තොටුපලට පැමිණි චීන ජනපති ෂී ජින් පිං මහතා ප්රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත පිරිස මහත් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ එහි විවිධ ජාතීන්ට අයත් වැසියන් විසිනි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් හා මධ්‍යම යුද කොමිසමේ ද සභාපති ලෙසට ජනාධිපති ෂී ජින් පිං මහතා ප්රමුඛ මධ්‍යම කාරක සභාවේ නියෝජිත පිරිස ෂීසැන්ග් හි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගි වීම, පක්ෂයේ සහ චීන ඉතිහාසයේ පළමු වරට සිදු වීමක් ලෙසයි සඳහන් වන්නේ.
ෂීසැන්ග් ස්වයං පාලන කලාපය ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සරය සැමරුම පැවැත්වුණේ එහි අගනුවර වන ලාසා හි පොටාලා මාලිගා චතුරශ්‍ර පරිශ්රයේදීයි.
එහි සියලු ජනවාර්ගික කණ්ඩායම් නියෝජිතයින් ඇතුළු 20,000 ක් පමණ මේ අවස්ථාවට එක්ව සිටියා.
විචිත්‍රවත් අංග රැසකින් ද මෙම උත්සවය වර්ණවත් වී තිබුණා.
1965 වසරේ සැප්තැම්බර් මාසයේදී ෂීසැන්ග් ස්වයං පාලන කලාපය ස්ථාපිත කරනු ලැබුවේ, එහි පැවති මැතිවරණ හරහා ප්‍රාදේශීය මහජන සම්මේලනය සහ, ප්‍රාදේශීය ව්‍යවස්ථාදායකයක් ද පිහිටුවීමෙන් අනතුරුවයි.
එතැන් සිට ගෙවුණු දශක හයක කාලය තුළ, ෂීසැන්ග් කලාපය එහි ආර්ථික හා සමාජ සංවර්ධනය තුළ විශාල දියුණුවක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
2024 දී මෙම කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 38.7 ලෙස වාර්තා වී ඇති අතර එය 1965 දී මෙන් 155 ගුණයක අගයකි.
එමෙන්ම ෂීසැන්ග් හි ජනතාවගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව 1950 ගණන්වල පැවති අවුරුදු 35.5 ට සාපේක්ෂව මේ වන විට අවුරුදු 72.5 දක්වා ළඟා වී තිබීම ද කැපී පෙනෙන්නකි.
විශේෂයෙන්, මෙම් කලාපය සහස්ර ගණනාවක් පැරණි නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කර ඇති අතර චීනයේ අනෙකුත් ප්‍රදේශ සමඟ සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් බවට ද පත්ව ඇති බවයි වාර්තා වන්නේ.