නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ වැඩිමල් පුත්‍රයාට දූෂණ චෝදනා හතරක් ඇතුළුව වැරදි 32ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
28 හැවිරිදි මාරියස් බෝර්ග් හොයිබිට එල්ලව ඇති චෝදනා අතර හිටපු පෙම්වතියක අපයෝජනය කිරීම ද ඇතුළත්.
මාරියස් බෝර්ග් හොයිබි යනු ඔටුන්න හිමි කුමරිය මෙට්-මාරිට්, නෝර්වේහි අනාගත රජු වන ඔටුන්න හිමි කුමරු හාකොන් සමඟ විවාහ වීමට පෙර පැවති සම්බන්ධතාවයකින් ලද දරුවෙකි.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව හොයිබි, ඔහුට එල්ලව ඇති බරපතලම චෝදනා ප්‍රතික්ෂේප කරැති බව සඳහන්.
එම බරපතලම චෝදනාවලට ඔහු වරදකරු වුවහොත්, ඔහුට වසර 10ක් දක්වා සිර දඬුවම් නියම විය හැකි බවයි වාර්තා වන්නේ.
කාන්තාවන් ගණනාවකගේ කැමැත්තකින් තොරව ඔවුන්ගේ ලිංගික අවයව රූගත කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.
තම සුළු පුත්‍රයාට එරෙහි චෝදනා පිළිබඳව අදහස් දක්වමින් නෝර්වීජියානු ඔටුන්න හිමි කුමරු හාකොන්, නිවේදනය කර ඇත්තේ කුමක් සිදුවේද යන්න අධිකරණයට භාර බවයි.