පාකිස්තානයට සහ පාකිස්තානය විසින් පාලනය කරනු ලබන කාශ්මීරයට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ගංවතුර තත්ත්වය හමුවේ, 200කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ගෙවුණු දින කිහිපය ඇතුළත ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් 300කට අධික පිරිසක් මිය ගොස් ඇති බවත්, වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කඳුකර කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) පළාතෙන් බවත් සඳහන්.
බුනෙර් (Buner) ප්‍රදේශයෙන් පමණක් පුද්ගලයින් 209 දෙනෙකු අතුරුදන්ව ඇති අතර එම ගණන තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුම් ද අසීරුව ඇති බවත්, මළ සිරුරු සෙවීම පවා බරපතල කාර්යයක් වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
පාකිස්තාන රජය පවසන්නේ වයඹදිග ප්‍රදේශයට අගෝස්තු 21 දක්වා අධික වර්ෂාවක් අපේක්ෂා කරන බවයි. එමෙන්ම මෙහි ප්‍රදේශ කිහිපයක් දැනටමත් ආපදා කලාප ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.