48 හැවිරිදි ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි හට දුම්පානය වහා නවත්වන ලෙස උපදෙසක් ලබාදී තිබෙනවා.
ඒ, ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් කිරීමේ අරමුණින් ඊජිප්තුවේ පැවැත්වුණු සාම සමුළුවට සහභාගීවීමට ගිය අවස්ථාවේදී තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන් විසිනි.
ඉතාලි අග්‍රාමාත්‍යවරිය දැඩිව දුම්පානයට ඇබ්බැහි වූ අයෙක් ලෙස ප්රකටය.
ඊට හේතු වශයෙන් ජෝර්ජියා මෙලෝනි පෙන්වා දෙන්නේ, තමන්ට ලෝක නායකයන් සමඟ කරටකර ගැටෙමින් කටයුතු කිරීමට දුම්පානය ඉවහල් වන බවයි.
සාම සමුළුවට සමගාමීව, ඒ සඳහා සහභාගී වුණු නායකයන් අතරේ සුහද හමුවක් පැවති අතර මෙම කතාබහ සිදුව තිබුණේ එහිදීයි.
එම කතාබහට එක්වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද සිය අදහස දක්වමින් සඳහන් කර තිබුණේ, ජෝර්ජියා මෙලෝනි හට එම පුරුද්ද අත්හළ නොහැකි වනු ඇති බවයි.
තුර්කිය දුම්පානයෙන් තොර කිරීමට, තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන් ප්‍රතිඥා දී තිබේ.
ජනාධිපතිවරයා ඉතාලි අග්‍රාමාත්‍යවරියට ද දුම්පාන පුරුද්ද නවත්වන ලෙස උපදෙස් ලබාදී තිබුණේ ඒ සම්බන්ධයෙන් ද අදහස් දක්වමිනි.
ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මෑතකදී පොතකින් හෙළිකර තිබුණේ, වසර 13 කට පෙර දුම්පානය නතර කිරීමෙන් පසු නැවත දුම්පානය ආරම්භ කළ බවයි.
එමෙන්ම ටියුනීසියානු ජනාධිපති කයිස් සයිඩ් ඇතුළු විදේශීය නායකයින් සමඟ ඇගේ බැඳීම සඳහා දුම්පානය උපකාරී වූ බවයි.