
සුපිරි ඉන්දීය තරු යුවළක් වන සූරියා සිවකුමාර් සහ ජ්‍යෝතිකා යළි විවාහ වෙලා !
ඒක විවාහ මංගල්‍යයකට වඩා, විවාහ පොරොන්දු අලුත් කිරීමක් කිව්වොත් හරියටම හරි.
සූරියා - ජ්‍යෝතිකා යුවළ මේ විදියට යළි විවාහ පොරොන්දු අලුත් කරගෙන තිබුණෙ, ඔවුන්ගේ විවාහයේ 20 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන්.
ඒ අනුව, සැප්තැම්බර් 11 වැනිදා චෙන්නායි හිදී විවාහ පොරොන්දු අලුත් කළ මෙම යුවළ, ඊට සාක්ෂිකරුවන් ලෙස සමීපතම පවුලේ පිරිස් සහ මිතුරන් සහභාගී කරගෙන තිබුණා.
මේ කටයුත්ත නම් කරලා තිබුණේ, 'The Sequel' මැයෙන්.
එහිදී, තම පුත් 'දේව්' සමඟ ජ්‍යෝතිකා පැමිණෙන ආකාරයත්, දියණිය 'දියා' සමඟ සූරියා පැමිණෙන ආකාරයත් දැක්වෙන වීඩියෝව මේ වෙද්දි සමාජ මාධ්‍යයේ කාගෙත් අවදානය දිනාගෙන.
සූරියා හෝ ජ්‍යෝතිකා කිතුනුවන් නොවන නමුත්, මෙම විවාහ ගිවිසුම් අලුත් කිරීමේ උත්සවය සමීප කිතුනු විවාහ උත්සවයක ආකෘතියට අනුව සංවිධානය කර තිබීම විශේෂයි.
මෙම සැමරුම සම්ප්‍රදායන්ට වඩා ඔවුන් මෙතෙක් පැමිණි ජීවන ගමනේ තවත් එක් සුන්දර අවස්ථාවක් කිව්වොත් හරි.
සූරියා - ජ්‍යෝතිකා මුලින්ම හමුවන්නේ, 'Poovellam Kettuppar' චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී. 'Kaakha Kaakha' චිත්‍රපටය අතරතුරදී ඔවුන්ගේ මිත්‍රත්වය ආදරයක් බවට පත් වෙනවා.
ඔවුන් දෙදෙනා විවාහක යුවළක් ලෙස රඟපෑ 'Sillunu Oru Kaadhal' චිත්‍රපටය තිරගත වී දින තුනකට පසු, 2006 සැප්තැම්බර් 11 වන දින ඔවුන් විවාහ වෙනවා.
මෙම යුවළ දියණියක් (Diya) සහ පුතෙකුගේ (Dev) ආදරණීය දෙමාපියන්.
විවාහයෙන් පස්සෙ රංගනයෙන් වසර නවයක විවේකයක් ගත් ජ්‍යෝතිකා, 2015 දී '36 Vayadhinile' චිත්‍රපටය හරහා නැවතත් සිනමාවට පිවිසෙනවා.