
ඉරානයේ ගෙරාෂ් (Gerash) කලාපයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, එය රිච්ටර් පරිමාණ 4.3 ක ප්‍රබලත්වයෙන් යුත් කම්පන තත්ත්වයකි.
එමෙන්ම භූමිකම්පාව කිලෝමීටර 10 ක් (සැතපුම් 6.21 ක්) ගැඹුරින් සිදුවී ඇති බව සඳහන්.
මෙමගින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත.