
පාකිස්ථාන මැදිහත්කරුවන් හරහා ඉරානය විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඇක්සියෝස් (Axios) පුවත් සේවය වාර්තා කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම සහ පවතින යුද්ධය අවසන් කිරීම මෙම යෝජනාවේ ප්‍රධාන අරමුණයි.
ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කරන්නේ, න්‍යෂ්ටික සාකච්ඡා පසුවට කල් තබා යුද්ධය නතර කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු කර ඇති බවයි.