රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (23) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහල වෙත පැමිණ තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා, අද උදෑසන විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ද බන්ධනාගාර රෝහල වෙත පැමිණියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ රනිල් වික්‍රමසිංහ මහතා රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.