හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් හට සැප්තැම්බර් 26 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින්, කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබෙනවා.
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපතිවරයාට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.