මහා බ්‍රිතාන්‍යයේ කාඩිෆ් නගරයේ වීදියකදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 37 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 21) පෙරවරුවේ කාඩිෆ් හි රිවර්සයිඩ් ප්‍රදේශයේ සවුත් මෝගන් හි බරපතල තුවාල ලැබූ කාන්තාවක් පිළිබඳව ආරක්ෂක අංශ වෙත තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව, එලෙස තුවාල ලද කාන්තාව 32 හැවිරිදි වියේ පසුවන නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල (Niwunhellage Dona Nirodha Kalapni Niwunhella) වන බවටයි හඳුනාගෙන ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.
සිද්ධියෙන් ටික වේලාවකට පසු පොලීසිය විසින් පෙන්ට්වින් ප්‍රදේශයේ පදිංචි තිසර වේරගලගේ (Thisara Weragalage) නම් 37 හැවිරිදි ලාංකිකයෙකු, මනුෂ්‍ය ඝාතන චෝදනා පිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකරමින් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී මැතිව් ඩේවිස් (Matthew Davies) සඳහන් කර තිබුණේ, මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් නිරෝධාගේ පවුලට සහ හිතවතුන්ට සිය බලවත් ශෝකය පල කරන බවයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙක් වේ නම්, එම තොරතුරු ලබාදෙන මෙන් එරට ආරක්ෂක අංශ ඉල්ලීමක් ද කර තිබෙනවා.
එහිදී විශේෂයෙන්ම අගෝස්තු 21 වැනිදා 7.30 ත් 8.30 ත් අතර කාලය තුළ සිද්ධිය වූ ස්ථානයේ හෝ ඒ අවටදී අළු පැහැති ෆෝඩ් ෆියෙස්ටා (Ford Fiesta) වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධව කිසියම් තොරතුරක් දන්නා අයෙක් වේ නම්, ඒ පිළිබඳව ද දන්වන ලෙසයි ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ.