
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ "නිවසේදී" ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකා තහවුරු කර තිබෙනවා.
ඉරාන මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණේ, බගර්සාඩේ කෝමා තත්වයේ පසුවන බවයි.
එමෙන්ම කමේනිගේ දියණිය, මුණුබුරා සහ බෑණා ඝාතනය කරන ලද බවත් මීට ඉහත වාර්තා කර තිබිණ.
කමේනි සහ ඔහුගේ බිරිඳට පුතුන් හතර දෙනෙක් සහ දියණියන් දෙදෙනෙකි. මුනුබුරු මිනිබිරියන් හත් දෙනෙකි.
ඔවුන් ගැන ප්‍රසිද්ධියේ දන්නේ ඉතා අල්ප වශයෙනි.
කමේනිගේ බිරිඳ කවුද ?
කමේනිගේ බිරිඳ මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ බොහෝ දුරට අවධානයෙන් පිටත ජීවත් වූ අයෙකි.
ඔවුන්ගේ විවාහය සිදුවන්නේ 1964 දී ය. ඇගේ පියා වන මොහොමඩ් කොජාස්ටේ බගර්සාඩේ සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස ප්රකටය.
දශක ගණනාවක දේශපාලන කැලඹීම් පුරාවට, මන්සුරේ නිහඬව කමේනිට සහාය දුන් බව කියනු ලැබේ.
බොහෝ දේශපාලන පසුබිම් සේ නොව, ඇය පොදු වගකීම් හෝ විධිමත් භූමිකාවක් භාර නොගත් අයෙක් ලෙස සැලකේ.
පවුලේ බොහෝ දෙනෙකුගේ මෙන් ඇගේ ජීවිතය ද කැමරාවෙන් දුරස් වූවකි.