අමෙරිකා එක්සත් ජනපදය පුරා මිලියන ගණනකගේ සහභාගීත්වයෙන්, 'No Kings' මැයෙන් ට්‍රම්ප් විරෝධී විරෝධතාවක් පැවැත්වුණා.
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට එරෙහිව නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසී, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු නගර ගණනාවක මෙලෙස දැවැන්ත විරෝධතා රැලි ක්‍රියාත්මකව තිබෙනවා.
ඊට මිලියන හතකට ආසන්න ජනතාවක් සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ නමුත් විරෝධතා සම්බන්ධයෙන් කිසිදු අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී නොමැති බවත් සඳහන්.
විරෝධතාවලට හේතු :
ජනාධිපති ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භයේ සිට ජනාධිපති බලතලවල විෂය පථය පුළුල් කර ඇති අතර, ෆෙඩරල් ආන්ඩුවේ කොටස් විසුරුවා හැරීමට විධායක නියෝග භාවිතා කිරීම මෙම විරෝධතාවලට ප්‍රධානතම හේතුවයි.
රාජ්‍ය ආණ්ඩුකාරවරුන්ගේ විරෝධතා නොතකා එක්සත් ජනපද නගරවලට ජාතික ආරක්ෂක භටයින් (National Guard) යෙදවීම ද ඊට බලපා තිබේ.
විචාරකයින් අනතුරු අඟවන්නේ ට්‍රම්ප්ගේ පරිපාලනයේ සමහර පියවරයන් ව්‍යවස්ථා විරෝධී වන අතර අමෙරිකානු ප්රජාතන්ත්රවාදයට තර්ජනයක්ව ඇති බවයි.
ඒ අනුව විරෝධතාකරුවන් “No Kings” "Democracy not Monarchy" "The Constitution is not optional" වැනි සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය දක්වා තිබේ.
ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය :
ජනාධිපති ට්‍රම්ප් සිය ක්‍රියාමාර්ග රට නැවත ගොඩනැගීමට අවශ්‍ය බව පෙන්වා දෙමින්, තමන් ආඥාදායකයෙකු හෝ ෆැසිස්ට්වාදියෙකු ලෙස හැසිරෙන බවට වන චෝදනා බැහැර කර ඇත.
ජාත්‍යන්තර සහයෝගය :
මෙම විරෝධතා යුරෝපය පුරා බර්ලින්, මැඩ්රිඩ් සහ රෝමය වැනි නගරවල මෙන්ම ලන්ඩන් සහ ටොරොන්ටෝ හි ද පැවැත්විණි.