
ජනාධිපති අනුර කුමාර දිසානායක, ගෙවුණු වසර දෙකක කාලය තුළ විදේශ සංචාර සඳහා සහභාගීව ඇති වාර ගණන 8 ක් බවත්, ඒ සඳහා වුණු වියදම රුපියල් මිලියන 14ක් පමණක් බවත් අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
අද (නොවැම්බර් 21) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
වත්මන් රජය බලයට පත්වීමත් සමඟ නිතර කතාබහට ලක්වුණු 'සිස්ටම් චේන්ජ්' යන්න උදාහරණ සහිතව පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
වැඩිදුරටත් අදහස් දැක්වූ, අමාත්‍ය හර්ෂණ නානායක්කාර...
''ඉස්සර රටේ ප්‍රධානියා විදේශ ගමනක් යනකොට, යුද්ද කරන්න වගේ සේනාවක් අරගෙන තමයි යන්නෙ. ඒ සියල්ලටම මහජන මුදල් වැයකරනවා. ශ්‍රී ලංකන් එකේ යන්න තියෙන ගමන් වාරය නවත්වලා, තමන්ගෙ සේනාව යවනවා මිනිස්සු එළියට දාලා. අපේ ජනාධිපතිතුමා යන්නෙ සාමාන්‍ය මිනිස්සු එක්ක. අනුර ජනාධිපතිතුමාට රජ වීමේ හෝ රජතුමා වීමේ.. රජවාසල පෙන්වීමේ අවශ්‍යතාවයක් නෑ.
අපේ ජනාධිපතිතුමා එක්ක රට යන්නෙ තුන් හතරදෙනයි. සමහර ගමන්වලට කිසිම වියදමක් ගිහිල්ලා නෑ. මොකද ඒ අය තමන්ගෙ වියදම් දරාගෙන තියෙනවා.
උදාහරණයක් කිව්වොත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා මාස 26ක කාලයක් තුළ 33 න් වතාවක් රට ගිහිල්ලා තියෙනවා. මුළු වියදම රුපියල් මිලියන 638 යි. අපේ ජනාධිපතිතුමා පහුගිය කාලේ, අවුරුදු දෙකක් තුළ 8 වතාවයි ගිහිල්ලා තියෙන්නෙ. වියදම මිලියන 14 යි. සමහර ගමන්වල සංචාර සඳහා රුපියලක්වත් වැය වෙලා නෑ....''