
'Miss Grand International 2026' සඳහා තරගවැදීමට, 'Miss Grand Sri Lanka 2026' ලෙසින් කිරුළු පැළඳි නේතකි ලොකුගමගේ අද (සැප්තැම්බර් 19) තායිලන්තය බලා පිටත් වුණා.
එහි අවසන් මහා තරගය ඔක්තෝබර් 10 වැනිදා, තායිලන්තයේ බැංකොක් හි (MGI Hallහිදී) පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ, 14 වන සංස්කරණය ලෙසයි.
තරගාවලිය අවසානයේ, වත්මන් 'Miss Grand International' පිලිපීනයේ 'එමා ටිග්ලාඕ' (Emma Tiglao) විසින් මීළඟ අනුප්රාප්තිකයාට කිරුළ පළඳවනු ඇත.
ජයග්රාහී කිරුළ, මෙරටට රැගෙන ඒමට නේතකි ලොකුගමගේ හට හැකියාව ලැබේවායි අපි ප්රාර්ථනා කරමු.