
අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට නිර්මාණය වන ඛේදවාචකයන් හමුවේ තාවකාලික පැලැස්තර ලෙස නිර්මාණය වන පරිසර ප්‍රතිපත්තියක් වුවත් අප රටට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (ජුනි 13) Rain forest trust සංවිධානය විසින් වෘක්ෂලතාවල නාමපුවරු සවිකර ජනතාව දැනුවත් කරමින් කොළඹ පාරිසරික සංරක්ෂණ කලාප නිර්මාණය කිරීමේ අරමුණින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඇවිදින මංතීරුව අසළ පැවැති උත්සවය අමතමිනි.
අද වන විට එල්නීනෝ ලානීනා කියන දේශගුණික කාලගුණික විපර්යාසය තුළ රටට මුහුණ දෙන්න ඇති භයංකාර තත්ත්වයක් ගැන කතා වෙන බවත් කෘෂිකාර්මික කටයුතු කඩා වැටී ජීවනෝපාය කඩා වැටි ජල හිගතාව නිසා පුනර්ජනනීය බලශක්තිය අහිමි වී ඛේදවාචක රැසක් සිදුවිය හැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර සිටියා.
එමෙන්ම අද මේ ගැන ප්රවෘත්ති මැවුනත් පාර්ලිමේන්තුවේ තමා සහ මහාචාර්ය අබේවික්‍රම මහතා සම සභාපතීත්වය දරණ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ දී අනතුරු ඇගවු බවත් ඛේදවාචක සිදුවු පසු ප්‍රතිකර්ම සෙවීම සිදු කරනවාට වඩා මෙවැනි ඛේදවාචක සිදුවෙන්න පෙර සූදානම් විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.