
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අනුකූල නොවන බවක් නොපෙනෙන බවත්, සංශෝධන කිහිපයකට යටත්ව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (නොවැම්බර් 21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සභාවට ඉදිරිපත් කරමින් කථානායකවරයා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වැඩ බලන නීතිපතිවරයා විසින් කාරක සභා අවස්ථාවේදී එකඟවූ සංශෝධන සහ අධිකරණය විසින් නියම කරන ලද සංශෝධනවලට යටත්ව අදාළ කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි.