
වර්තමානයේ මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වයන් සහ ඉරානයට එරෙහිව එල්ල වූ සන්නද්ධ ප්‍රහාර සම්බන්ධයෙන් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාමාජික රටවල් දැඩි කනස්සල්ල පළ කරයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව ප්‍රකාශ කළේය.
අනිසි ලෙස බලය යෙදවීම පිළිනොගන්නා සිය සාමාජික රටවල් වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා පවතින එකම විසඳුම සංවාදය, අන්‍යෝන්‍ය ගරුත්වය මත කටයුතු කිරීම මෙන්ම ජාත්‍යන්තර නීතිය හා එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු හා මූලධර්ම මත පදනම්ව සියලු පාර්ශ්වයන්ගේ නීත්‍යනුකූල අවශ්‍යතා සැලකිල්ලට ගැනීම බව විශ්වාස කරයි.
එමෙන්ම ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සහතික කිරීමේ අවශ්‍යතාවය ද SCO සාමාජික රටවල් දැඩිව අවධාරණය කර සිටී.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සංයමයෙන් යුතුව ක්‍රියා කරන ලෙසත්, තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි පියවර ගැනීම වහාම නතර කරන ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටී.
ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව දුර්වල කරන ක්‍රියාවන්ට එරෙහි වහාම පියවර ගන්නා ලෙස SCO සාමාජික රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ එහි ආරක්ෂක මණ්ඩලයෙන් ද දැඩි ඉල්ලීමක් කර ඇත.