ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබා තිබෙනවා.
ඒ, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසුවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊජිප්තුවේ පැවති සමුළුවේදී මෙම සටන්විරාම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි.
ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා, ඊජිප්තු ජනාධිපතිවරයා, කටාර් එමීර්වරයා, තුර්කි ජනාධිපතිවරයා මෙලෙස සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබා තිබෙනවා.
හමාස් විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි අවසන් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා ද ඊයේ, වසර දෙකක වහල්භාවයෙන් පසු ඊශ්‍රායලයට නැවත භාරදුන් අතර ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු සහ රැඳවියන් 1,700කට වැඩි පිරිසක් නිදහස් කිරීම ද සිදුවිය.