
නේපාලයේ සිදුවූ ග්ලැසියර කඩා වැටීම හා දරුණු හදිසි ගංවතුර තත්ත්වයෙන් දින නවයකට පසු, ත්‍රිෂූලි 3A ජලවිදුලි ව්‍යාපෘතියට අයත් උමගක සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු පණපිටින් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබෙනවා.
ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තවදුරටත් උමග තුළ සිරවී සිටින බවට සැක කෙරෙන පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.
මේ අතර, නේපාලයේ ජලවිදුලි ව්‍යාපෘතිවලට අයත් උමං කිහිපයක තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
උමං හයක පමණ පුද්ගලයන් 150කට වැඩි පිරිසක් සිරවී සිටින බවට සැක කෙරෙන අතර, ඔවුන් සොයා ගැනීම සඳහා සහන කණ්ඩායම් දැඩි පරිශ්රමයක නිරතව සිටිනවා.
නේපාල පොලිස් සේවයේ නවතම සංඛ්‍යාලේඛන අනුව, නේපාලයේ පමණක් පුද්ගලයන් 1,280 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 4,798 දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත.
මේ අතර, ටිබෙට් ප්‍රදේශයේ මරණ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 541 දෙනෙකු අතුරුදන්ව සිටින බව බලධාරීන් පවසනවා.
ඒ අනුව මේවන විට තහවුරු වූ මරණ සංඛ්‍යාව 1,301ක් වන අතර, අතුරුදන්ව සිටින සංඛ්‍යාව 5,339කි.
අතුරුදන්ව සිටින පිරිස අතර අවම වශයෙන් රටවල් 34කට අයත් විදේශිකයන් සිය ගණනක් සිටින බවට ද විශ්වාස කෙරෙනවා.