
ඉරාන යුද්ධයේදී අමෙරිකා එක්සත් ජනපදය විසින් ආරක්ෂා කරන ලද ඊශ්‍රායලය සහ අනෙකුත් රටවල් වොෂින්ටනයේ හමුදා වියදම් සඳහා වන්දි ගෙවනු ඇති බවත්, ගැටුමේ පිරිවැය පිළිබඳව ප්‍රශ්න මතු වෙමින් පැවතුණ ද ඇමෙරිකාව එම මුදල් නැවත ලබා ගන්නා බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
CBS News හි විකාශය වූ '60 Minutes' සම්මුඛ සාකච්ඡාවේදී ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබුණි.
ට්‍රම්ප් එහිදී අවධාරණය කර තිබුණේ, ආරක්ෂාව ලැබූ ජාතීන් යුද්ධය සඳහා ගිය 'සියලුම වියදම් නැවත ගෙවනු ඇති' බවයි.
එහිදී, "අපිට ඒ සියලු මුදල් ආපසු ලැබෙනවා" යනුවෙන් සඳහන් කරන ට්‍රම්ප්, තමන් මේ වන විටත් අදාළ රජයන් දැනුවත් කර ඇති බවත් ඔවුන් ඊට එකඟ වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අවධාරණය කර තිබුණි.
කෙසේ වෙතත්, ඔහු කිසිදු නිශ්චිත ප්‍රතිපූරණ මුදලක් හෝ ගිවිසුම් පිළිබඳ සාක්ෂියක් ඉදිරිපත් කර නොතිබුණි.
"අපි නැත්නම් ඊශ්‍රායලයක් නැහැ" යනුවෙන් තර්ක කරමින් ට්‍රම්ප් එහිදී, ඊශ්‍රායලය විශේෂ කර තිබේ.
"යුද්ධය සඳහා අපට දැරීමට සිදුවූ ඕනෑම වියදමක් නැවත ගෙවනු ඇත. මන්ද අප නැතිනම් ඔවුන් නොපවතිනු ඇත. අප නැතිනම් ඊශ්‍රායලය නොපවතිනු ඇත"