
වගාබිම් සිදුකරන මුවාවෙන් ආයෝජකයන් 2500කට අධික පිරිසකගෙන්, රු. බිලියන 04කට ආසන්න මුදලක් වංචා කළ පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු ඊයේ (20) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ සමාගම් දෙකේ අධ්යක්ෂවරු තිදෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි එම සමාගම් දෙක සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් ලැබී ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.