
අමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන දෙකම ඩිමොක්රටික් පක්ෂය විසින් ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුර කාලයේ ඉතිරි කාලය සඳහා ඩිමොක්රටික් පක්ෂය, කොංග්රස් මණ්ඩලයේ බලය තමන් සතු කරගනු ඇති.
ප්‍රතිඵලවලට අනුව ඩිමොක්රටික් පක්ෂය "මැනවින් කටයුතු කළ" බව පවසන ට්‍රම්ප්, මේ පරාජය සඳහා ඉරාන යුද්ධය සහ ඉහළ ගිය ඉන්ධන මිල ද බලපෑ බව පිළිගෙන තිබේ.
ආර්ථික අර්බුද, ජීවන වියදම ඉහළ යාම මෙන්ම පෙබරවාරි මාසයේදී ඉරානයට එරෙහිව දියත් කළ යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම යන කාරණා සම්බන්ධයෙන් ජනතාව දැඩි කලකිරීමකින් පසුවීම මෙම ඡන්ද ප්‍රතිඵල සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ බවට විචාරකයින් පෙන්වා දෙයි.
සෙනෙට් සභා තරඟයේදී, මීට වසර ගණනාවකට පෙර අවසන් වරට ඩිමොක්රටික් පාක්ෂිකයෙකු තෝරා පත් කරගත් කැන්සාස්, ටෙක්සාස් සහ ඔහායෝ වැනි රිපබ්ලිකන් බලකොටුවලින් පවා ඩිමොක්රටික් පක්ෂය ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබීම සුවිශේෂීය.