
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම දරුවන් සසුනට පූජා කළ නමුත් ස්ථිර නිවසක් නොමැති මව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද (19) බදුල්ල, හාලිඇල, පට්ටියගෙදරදී ආරම්භ කෙරුණා.
මෙම වැඩසටහන යටතේ පළමු අදියරේදී නිවාස 270ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, අදියර කිහිපයක් යටතේ නිවාස 1000ක් ඉදිකිරීම අපේක්ෂා කෙරේ.
එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් වෙන් කර තිබෙන අතර නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ පැවති වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.