
නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ප්රවාහනය කරමින් තිබූ සහ බලපත්ර නොමැතිව ගොඩබිම් මාර්ගයෙන් ප්රවාහනය කිරීමට සූදානම් කර තිබූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු ශ්රී ලංකා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (ජූලි 28) මන්නාරම සවුත්බාර් වෙරළ හා ගොඩබිම් ප්රදේශය ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. එම මෙහෙයුම අතරතුර සැකකටයුතු ඩිංගි යාත්රා තුනක් සහ යතුරුපැදි දෙකක් පරීක්ෂාවට ලක් කළ නාවික හමුදාව, නීති විරෝධී ලෙස මුහුදු මඟින් ප්රවාහනය කරමින් තිබූ මෙන්ම බලපත්ර නොමැතිව ගොඩබිම් මාර්ගයෙන් ප්රවාහනය කිරීමට සූදානම් කර තිබූ මුහුදු කූඩැල්ලන් විශාල තොගයක් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙහිදි මුහුදු කූඩැල්ලන් 14,072 ක්, ඩිංගි යාත්රා තුනක් සහ යතුරුපැදි දෙකක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම භාණ්ඩ සමඟ සැකකරුවන් 12 දෙනෙකුද අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 46 ත් අතර වයස්වල පසුවන මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන්, අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්රා සහ යතුරුපැදි වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දුන් බව ශ්රී ලංකා නාවික හමුදාව ප්රකාශ කළා.