
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) විසින් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන සියලුම තරග ආකෘති සඳහා අදාළ වන පරිදි සංශෝධිත නව තරග කොන්දේසි ප්රකාශයට පත්කර තිබෙනවා.
මෙම නව සංශෝධන ඔක්තෝබර් ඊයේ (1) සිට ආරම්භ වන සියලුම ජාත්යන්තර ක්රිකට් තරගාවලි සඳහා ක්රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.
තරගවල වේගය පවත්වාගෙන යාම සහ කාලය නාස්ති වීම වැළැක්වීම සඳහා පිතිකරුවන් සම්බන්ධයෙන්ද නව නීති හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව පිතිකරුවෙකු පන්දුවට මුහුණදීමට නියමිත වේලාවට සූදානම් නොවන්නේ නම්, පළමු අවස්ථාවේදී නිල අවවාදයක් ලබාදීමටත්, දෙවන අවස්ථාවේදී අවසන් අවවාදයක් ලබාදීමටත් නියමිත බවයි සඳහන් වන්නේ.
තුන්වන අවස්ථාවේ සිට එවැනි සෑම සිදුවීමකදීම ප්රතිවාදී කණ්ඩායමට දඬුවම් ලකුණු 5 බැගින් ලබාදීමට මෙන්ම විනය ක්රියාමාර්ග ගැනීමටද අවස්ථාව පවතිනවා.
මේ අතර කාන්තා ක්රිකට් සඳහා මෙතෙක් භාවිත වූ පන්දු ප්රමිති වෙනුවට පිරිමි, කාන්තා සහ කනිෂ්ඨ ක්රිකට් සඳහා නිශ්චිත ප්රමාණ සහ බරින් යුත් පන්දු වර්ග තුනක් හඳුන්වා දී තිබෙන බවත් සඳහන්.
එමෙන්ම, ටෙස්ට් ක්රිකට් සඳහාද විශේෂ සංශෝධන කිහිපයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව දිවා ටෙස්ට් තරග සඳහා මන්දාලෝකය හේතුවෙන් සිදුවන බාධා අවම කරගැනීමේ අත්හදා බැලීමක් ලෙස, තරගයට පෙර දෙපාර්ශ්වයේම එකඟතාව මත රෝස පැහැති පන්දු භාවිත කිරීමට අවසර හිමිවන බවත් සඳහන්.
එමෙන්ම දවසේ අවසාන පන්දුවාරයේදී කඩුල්ලක් බිඳ වැටුණද, කාලගුණය සහ ආලෝක තත්ත්වය සුදුසු නම් පන්දුවාරය අවසන් වනතුරු තරගය නතර නොකිරීමටද නව නීති යටතේ අවසර ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.
මීට අමතරව ‘Overthrow’ නීතිය, පන්දුව පාලනයට ගැනීම සහ පන්දු රකින්නාගේ පාලනය සම්බන්ධ නීතිද වඩාත් පැහැදිලි කර තිබෙන අතර, විස්සයි-20 තරග සඳහාද ඉනිම් අතර විනාඩි 15ක ස්ථිර විවේක කාලයක් නියම කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ICC පිරිමි ක්රිකට් කමිටුවේ සභාපති සෞරව් ගංගුලි සඳහන් කර ඇත්තේ, ක්රීඩාවේ වේගය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් නූතන ක්රිකට් ක්රීඩාවේ අවශ්යතාවලට ගැළපෙන පරිදි මෙම සංශෝධන සිදුකළ බවයි.