
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අද (21) දින මාතර මහෙස්ත්‍රාත්
අධිකරණය හමුවේ පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්
චතුරංග එරංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කළා.
මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක්
මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා
ඇති නඩුවට ඒ මහතා පසුගිය මැයි (22) වැනිදා ද පෙනී නොසිටීම හේතුවෙන්
වරෙන්තු නිකුත් කළා.
දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මග හරිමින් සිටින බැවින්
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග
දිසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට
නියෝග කළා.
අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කරමින් මාතර බ්‍රවුන්ස් හිල්ප්රදේශයේ
ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ,
හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති, ඇයගේ
ස්වාමියා තිස්ස ගලප්පත්ති මුදිත ජයකොඩි යන අයට එරෙහිව නඩුව ගොනු
කර තිබෙනවා.
එහිදී නඩුවේ තෙවන විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා හා සිව්වන විත්තිකාර
හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති විවෘත අ
ධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන්ගේ ඇපකරුවන් විවෘත අධිකරණය
හමුවේ පෙනී සිටියා.
එහිදී මහෙස්ත්‍රාත්වරයා ඇප කරුවන්ට නියෝග කළේ ඊලඟ නඩු දිනයේදි එනම්
අද (ජුලි/21) දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම ඇපකරුවන්ගේ වගකිම
බැවින් එදිනට ඉදිරිපත් නොවුවහොත් ඇප මුදල් රාජසන්තක කිරිම සම්බන්ධයෙන්
අධිකරණය හමුවේ කරනු දක්වන ලෙසයි.
ඒ අනුව ඇපකරුවන් ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන සඳහා දිනයක් අයැද සිටියා.
එම ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා යලි අගෝස්තු 18 කැඳවීමට එහිදී
මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.
එමෙන්ම බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලිමෙන්
අනතුරුව අධිකරණය මඟ හැර සිටි සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉ
දිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර අතර සැකකරුගේ විදෙස් ගමන් ද තහනම්
කළා.
ඒ අනුව බැසිල් රාජපක්ෂට මෙරටට පැමිණිය හැකි වුවත් නැවත රටින් පිට විය නොහැකිය.
නඩුව නැවත ලබන අගෝස්තු 18 කැඳවීමට නියමිතයි.