
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ (2026) ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
විභාග ප්‍රතිඵල, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි වේ.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු මස 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණ.
ඒ සඳහා අයදුම්කරුවන් 294,089 ක් පෙනී සිටි අතර, ඊට සිංහල අයදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් අයත් ය.