
යාපනය ගුරුනගර් තොටුපොළේදී අද (6) බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් රෝහල් ගත කර සිටි තවත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම යාත්රාවේ වන්දනාකරුවන් 25ක් ගමන් කර ඇතැයිද ඉන් 15ක් සොයා මේ වන විටත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.