
50කට වැඩි පිරිසකට තුවාල
පාකිස්තානයේ ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි වයඹදිග ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් අවම වශයෙන් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය අය අතර පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ද සිටින බව බලධාරීහු පවසති.
ප්‍රහාරය සිදුව ඇත්තේ ඛයිබර් පක්තුන්කාවා (Khyber Pakhtunkhwa) පළාතේ කොහට් (Kohat) ප්‍රදේශයේ පොලිස් මූලස්ථානයක් තුළ පිහිටි මුස්ලිම් පල්ලියකටය.
සිකුරාදා දේව මෙහෙය සඳහා බැතිමතුන් එක්රැස් වෙමින් සිටියදී පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථයක් පල්ලියේ පිවිසුම වෙත ධාවනය කර මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැත.
කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ ක්‍රියාත්මක ISIL සංවිධානයට අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම් සහ Pakistan Taliban හෙවත් TTP සංවිධානය යන දෙපාර්ශ්වයම ආරක්ෂක අංශ ඉලක්ක කරමින් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරන බව සඳහන්.
ඛයිබර් පක්තුන්කාවා (Khyber Pakhtunkhwa) පළාත් පොලිස් ප්‍රධානී සුල්ෆිකාර් හමීඩ් (Zulfikar Hameed) පවසා ඇත්තේ මෙම පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි.
බෝම්බ පිපිරීමෙන් අනතුරුව තුවක්කුකරුවන් පිරිසක් පොලිස් පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් සහ ප්‍රහාරකයන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
පිපිරීමෙන් අනතුරුව මළ සිරුරු 15කට ආසන්න සංඛ්‍යාවක් සහ තුවාල ලැබූ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් රෝහල් වෙත රැගෙන ගිය බව වෛද්‍ය තහිර් ෂාහ් (Tahir Shah) සඳහන් කර ඇත.
බරපතළ තත්ත්වයේ පසුවන තුවාලකරුවන් කිහිපදෙනෙකු හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔහු පවසා තිබෙනවා.