
ඉරානයට එරෙහි යුද මෙහෙයුම් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට මේ වන විට ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් බිලියන 43.6ක පමණ වියදමක් දැරීමට සිදුව ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර ඇති පරිදි, සැප්තැම්බර් 3 වැනිදා වන විට මෙම වියදම් ප්‍රමාණය ඩොලර් බිලියන 43.6ක් ලෙස ගණන් බලා තිබේ.
මෙම සංඛ්‍යාලේඛන පෙන්ටගනය විසින් පසුගියදා ඇමෙරිකානු කොංග්‍රසය වෙත ඉදිරිපත් කළ තොරතුරු මත පදනම් වී ඇත.
එම මුදලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් බෝම්බ, මිසයිල සහ අනෙකුත් යුද අ වි හා පතරොම් සඳහා වැය වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම ඩොලර් බිලියන 43.6ක ඇස්තමේන්තුවට අතිරේක ඉන්ධන සඳහා වැය වූ තවත් ඩොලර් බිලියන 1.5ක පමණ මුදල ඇතුළත් නොවන බව සඳහන් වේ.
එමෙන්ම යුද මෙහෙයුම් අතරතුර හානි වූ ඇමෙරිකානු හමුදා පහසුකම් සහ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා දැරීමට සිදුවන වියදම් ද මෙම ගණනයට ඇතුළත් කර නොමැති බව වාර්තා වේ.
මේ අතර, යුද්ධය හේතුවෙන් ඇමෙරිකාවට සිදුව ඇති සමස්ත අලාභය පිළිබඳව අල් ජසීරා පුවත් සේවය දීර්ඝ විශ්ලේෂණයක් පළ කර තිබේ.
එම වාර්තාවට අනුව, ඉරාන ප්‍රහාර හේතුවෙන් ඇමෙරිකානු ගුවන් යානා රැසකට සහ ගොඩනැගිලි සිය ගණනකට හානි සිදුවීම හෝ ඒවා විනාශ වීම ඇතුළු විවිධ අලාභ සිදුව ඇත.
යුද මෙහෙයුම් තවදුරටත් පැවතියහොත් ඇමෙරිකාවට දැරීමට සිදුවන සමස්ත වියදම සහ අලාභය තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා පෙන්වා දෙනවා.